දඹුල්ලේ පැවැත්වෙන තුන්කොන් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය A සහ ශ්‍රි ලංකා A කණ්ඩායම් අතර පැවති තරගයෙන් ඉන්දීය පිල පරාජය ලැබීමත් සමග එහි උණුසුම් තත්ත්වයක් ඇති විය .
එහිදී15 හැවිරිදි සුපිරි ඉන්දීය යොවුන් ක්‍රීඩක වෛභව් සූරියවංශි (Vaibhav Sooryavanshi), ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු සමඟ උණුසුම් වචන හුවමාරුවක පැටළුන අතර අවසානයේදි ජ්‍යේෂ්ඨ ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල මැදිහත් වී තත්ත්වය සමනය කරන්නට කටයුතු කර තිබේ .
සුපිරි පන්දුවාරය දක්වා ඇදී ගිය මෙම තීරණාත්මක තරගයෙන් ඉන්දියා ‘ඒ’ කණ්ඩායම පරාජයට පත්වීමෙන් පසු මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇති විය.
සුපිරි පන්දුවාරයේදී ඉන්ශීය පිලට තරගය ජයග්‍රහණය සඳහා ලකුණු 17ක් අවශ්‍ය වූ අතර, ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ වේගපන්දු යවන ක්‍රීඩක කගුදාස් මතුලන් විසින් එම ඕවරය යවනු ලැබීය . එම ඕවරයේදී ඉන්දීය පිලට රැස්කරගත හැකි වූයේ ලකුණු 9 ක් පමණි. එහි අවසන් පන්දු තුනට මුහුණ දුන් සූරියවංශිට ලබාගත හැකි වූයේ එක් හතරේ පහරක් ඇතුළුව ලකුණු 6 ක් පමණි.
තරගය අවසන් වීමත් සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ජයග්‍රහණය සැමරීමට පටන් ගත් අතර පෙරළා ක්‍රීඩාගාරයට යමින් සිටි සූර්යවංශී ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් ඉලක්ක කර යම් ප්‍රකාශයක් සිදුකර ඇත .
කෝපයට පත් සූරියවංශි, ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නා වූ මතුලන් දෙසට වේගයෙන් කඩා වැදුණු අතර පසුව ඇතිවූ බහින්බස්වීම දුරදිග යාමත් සමඟ සූරියවංශි විසින් ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයේකුව තල්ලු කර දමන ආකාරය වීඩියේ දර්ශන වල පටිගත වී තිබේ.
මීට පෙර, තරගය අවසන් වූ අවස්ථාවේදී සුපිරි පන්දුවාරයක් පැවැත්වීමට නීතිමය ප්‍රතිපාදන නොමැති බව පවසමින් ඉන්දීය නායක තිලක් වර්මා විනිසුරුවන් සමඟ විනාඩි 10 ක් පමණ උණුසුම් සාකච්ඡාවක නිරත විය.
එහිදීද සූරියවංශි විනිසුරුවන් සමඟ වාද කිරීමට පැමිණි නමුත් ඉන්දීය ප්‍රධාන පුහුණුකරු විසින් ඔහුව මැඩපැවැත්වීමට කටයුතු කර තිබුණි.
මෙම විනය විරෝධී හැසිරීම් සම්බන්ධයෙන් ක්‍රීඩකයන්ට නිළ දඬුවම් පනවන්නේද, නැතහොත් අවවාද කර මුදාහරින්නේද යන්න පිළිබඳව මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැත