අලි සබ්රි ලන්ඩන් යයි

විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පොදුරාජ්‍ය මණ්ඩලීය දින සැමරුම් උළෙලට සහභාගි වීමට සදහා ලන්ඩන් බලා පිටත්ව ගිය බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.

විදේශ කටයුතු අමාත්‍යවරයා මාර්තු 15 වන දින ලන්ඩනයේ මාල්බරෝ හවුස් හි පොදුරාජ්‍ය මණ්ඩලීය මූලස්ථානයේදී 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වීමට නියමිතය.

පොදුරාජ්‍ය මණ්ඩලීය සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජේම්ස් ක්ලෙවර්ලි, පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් , ඉන්දු – පැසිෆික් කලාපයේ පොදුරාජ්‍ය මණ්ඩලයීය සංවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය ඈන් මාරි සමඟ ද විදේශ අමාත්‍යවරයා ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *