අලියෙක් බසයකට පහර දෙයි . 10 ක් රෝහලේ .

කතරගම – බුත්තල මාර්ගයේදී වනඅලියෙකු පෞද්ගලික බස් රථයකට පහරදීම හේතුවෙන් එම බස් රථයේ ගමන්ගත් 10 දෙනෙක් කතරමග රෝහලය ඇතුළත් කර ඇත . බුත්තල කතරගම මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රියකට අද පෙරවරු 11 ට පමණ අලියා පහර දී ඇත. එම පහර දීමෙන් බස් රිය පෙරෙළී ගොස් ඇත .

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 10 දෙනෙකු පමණ ප්‍රතිකාර සඳහා කතරගම රෝහලට ඇතුළත් කර ඇත . තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව කතරගම රෝහලේ ප්‍රකශකයෙකු පැවසීය .