අමරකීර්ති අතුකෝරළ ඝාතනයට මරණ දඬුවම නියමවුවෙක් ගොඩනැගිල්ලකින් වැටී මරුට.

පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ රැඳවූවෙකු වැලිකඩ බන්ධනාගාරයේදී ගොඩනැගිල්ලකින් වැටී මියගොස් ඇත.

ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන් ලද බරපතල තුවාල හේතුවෙන් ඔහු වහාම රෝහල් ගත කළද ප්‍රතිකාර ලබන අතර තුර මියගොස් ඇති බව වාර්තා වෙයි . කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩි විස්තර වාර්තා නොවනා අතර බන්ධනාගාර බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එහි ආරංචිමාර්ග පවසයි.

2022 දී පොලොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් දොළොස් දෙනෙකුට 2026 පෙබරවාරි 11 වන දින මරණ දඬුවම නියම කරන ලදී. අද මෙම අනතුරින් මියගිය පුද්ගයාද එලෙස මරණ දඬුවම නියමවූවෙකි .