මැයි දිනය නිසා ඉන්ධන මිල සංශෝධනය කල් යයි .

මේ මාසයට නියමිත ඉන්ධන මිල සංශෝධනය අදට යෙදී තිබුනද එය මැයි 2 වනදා වනතෙක් කල් දැමීමට රජය තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි .

මෑතකදී බොරතෙල් බැරලයක් ඩොලර් 286ක් වැනි ඉහළ මිලකට මිලදී ගත් ඉන්ධන නෞකා තුනක පිරිවැය මෙවර මිල සූත්‍රයට එක් කිරීමට සිදුව ඇති බවත්, එම ඉන්ධන වලින් රජයට පාඩුවක් නොවීමටනම් ඩීසල් ලීටරයක් රුපියල් 700 දක්වා ඉහළ දැමීමට සිදුව ඇති බවත් මූල්‍ය විශ්ලේෂකයන් පෙන්වා දෙති .

එහෙත් රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ පිරිවැයෙන් යම් ප්‍රමාණයක් භාණ්ඩාගාරය මගින් දරා ගනිමින් ජනතාවට දිය හැකි උපරීම සහනය ලබා දීමට රජය තීරණය කර ඇතිබවයි .

කෙසේ වෙතත් ජාත්‍යන්තර කම්කරු දිනය හෙටට යෙදී අති බැවින් විශාල මිල වැඩි කිරීමක් සිදු කිරීම දේශපාලනිකව නුසුදුසු බවට ඉදිරිපත් වූ යෝජනාව ආණ්ඩුවේ සැළකිල්ලට බඳුන් වී ඇතිබව වාර්තා වේ .