නව බලශක්ති ඇමති දිවුරුම් දෙයි

නව බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක පත්කර ඇත . ඔහු ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ අද (20) පස්වරුවේ නව ආමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේය.

අනුර කරුණාතිලක දැනට දරනු ලබන වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ධුරයට අමතරව මෙම නව අමාත්‍ය ධුරයේ වගකීම් ද ඉටු කරනු ඇත.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් නන්දික සනත් කුමාරනායකද එක්ව සිටියේය. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු විය.