පැසිෆික් සාගරයේ ඇති වූ රික්ටර් මාපක 7.5 ක භූමිකම්පාවකින් පසු හොක්කයිඩෝ, අමෝරි සහ ඉවාට් ප්‍රාන්තවල සමහර ප්‍රදේශවලට මීටර් 3 ක් දක්වා උසට සුනාමියක් ඇති විය හැකි බවට ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය අනතුරු ඇඟවීය.
ඒ අනුව පළමු සුනාමි රළ ඉවාට් ප්‍රාන්තයට ළඟා වීමට පටන් ගෙන ඇති අතර මියාකෝ වරායේ සෙන්ටිමීටර 40 ක් දක්වා රළක් වාර්තා වී ඇත. උතුරු ජපානයේ ප්‍රධාන දූපතේ අමෝරි වෙරළට කිලෝමීටර 50 ක් පමණ දුරින් සුනාමියක් අනාවරණය වී ඇති බව NHK මාධ්‍ය ආයතනය පවසයි.