ඔක්තෝබර් මාසයේ තෙල් මිල ගැන ජනපතිගෙන් ඉඟියක් .

ලෝක වෙළඳපොළේ මිල ඉහළයාමට සාපේක්ෂව එළැඹෙන ඔක්තෝබර් ශ්‍රී ලංකාවේ තෙල් මිල ඉහල දැමිය යුතුව ඇතිබව ජනාධිපතිවරයා පැවසීය . එහෙත් තෙල් මිල ඉහළ යමෙන් මහජනතාව ලක්වන අපහසුව සළකා තෙල් සහනාධාරයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේය .

” පවතින මිල ඉහළ යාම හමුවේ එළැඹෙන ඔක්තෝබර් මාසයේ තෙල් මිල වැඩි කරන්න ඕනි. එහෙන් ගෙනල්ලා මිල ගලප්පලා බලපුවාම පළවෙනිදාට මිල වැඩිවෙන්න ඕනි. හැබැයි අපි අපේක්ෂා කරනවා සහනාධාරයක් දීලා ඒක පාලනය කරන්න. ආණ්ඩු අන්න එහෙමයි. මරාලයක් කඩා වැටුණම මුළුමනින්ම ඒක ජනතාව පිට දාන්න බෑ…ඒකට යම් උදව්වක් ආණ්ඩුව කරන්න ඕනි. හොඳ නැද්ද එහෙම” ජනාධිපතිවරයා පැවසීය .