ඇමරිකානු නාවික හමුදාව නැවතත් ශ්‍රී ලංකාව සමීපයේදී නෞකාවක් අත් අඩංගුවට ගනී .

මෙරට මුහුදු සීමාවට ආසන්නයේදී සිංගප්පූරුව බලා ගමන් ගනිමින් තිබූ නෞකාවක් ඇමරිකානු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ . මෙම නෞකාව ඉරානය සමග සබඳතා පැවැත්වූ බවට සැක පිට ඇමරිකාව සිය බාරයට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලංකාවට ගිනිකොන දෙසින් කිලෝමීටර් 700ක් දුරින් ගමන් කරමින් තිබියදී මෙම නෞකාව අමෙරිකානු නාවික හමුදා භාරයට ගෙන ඇති බව එම මාධ්‍ය වාර්තා පවසයි .

එමෙන්ම මැරීන් ට්‍රැෆික් හී දත්ත වාර්තා අනුව එම නෞකාව ටොන් ලක්ෂ 3 කට ආසන්න ධාරිතාවක් ඇති බොරතෙල් නෞකාවක් බවද එම වාර්තා සඳහන් කරයි .

ඉන්දියානු නැව් සමාමගමකට අයත් මෙම නෞකාවද අප්‍රේල් 18 වන දින මෙරට ගාලු වරායට ආසන්නව කෙටි කාලයක් නතර කර තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.