ඉරානය සමඟ ඇති සටන් විරාමය දීර්ඝ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි . දැනට පවතින සටන් විරාමය අවසන් වීමට පැය කිහිපයක් තිබියදී ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත්කර ඇත .
විශාල ජීවිත ප්‍රමාණයක් බිලිගනිමින් සහ ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරමින් මාසයකට අධික කාලයක් පුරා පැවති මෙම යුද්ධය අවසන් කිරීම සඳහා දෙරට අතර සාම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳ බලාපොරොත්තුවක් මේ සමගම ඇතිව තිබෙනා බව විදෙස් මාධ්‍ය පවසයි .
සටහන් විරාමය අවසන් වූ පසු ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කර තිබුණද, පසුව එම ස්ථාවරයෙන් බැහැර වූ ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සාම සාකච්ඡා සඳහා මැදිහත්කරු ලෙස කටයුතු කරන පාකිස්තානය කළ ඉල්ලීමකට තමන් එකඟ වූ බවය.