නීතිවිරෝධී ලෙස ගවයින් ප්රවාහනය කළ ලොරි රථයකට හුංගම, කට්ටකඩුව ප්රදේශයේදී පොලීසිය විසින් වෙඩි තබා ඇතිබව වාර්තා වේ .
නීතිවිරෝධී ලෙස ගවයින් ප්රවාහනය කරමින් තිබෙනා ලොරි රථයක් පිළිබඳව හුංගම පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරකට අනුව අද (20) උදෑසන කට්ටකඩුව ප්රදේශයේදී මාර්ග බාධකයක් යොදා රථවාහන පරීක්ෂාවට කටයුතු කර ඇත . එහිදී මෙම ලොරි රථය පොලිස් අණ නොතකා පලාගොස් ඇත .
අනතුරුව ලොරි රථය ලුහුබැඳ ගිය පොලිස් නිළධාරීන් එය නතර කරගැනීමට උත්සහ කළද, එය නොනවත්වා ධාවනය කිරීම නිසා ඊට වෙඩි තබා නතර කර ගැනීමට සිදුවූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි . ලොරි රථයේ සිටි සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩි දුර පරීක්ෂණ පැවැත්වෙයි.