නයිජීරියානු සහ අමෙරිකානු ආරක්ෂක අංශ විසින් ඊසාන දිග නයිජීරියාවේ එල්ල කළ ඒකාබද්ධ ගුවන් ප්‍රහාර මාලාවකින්, IS සංවිධානයේ දෙවන ඉහළම නායකයා ඇතුළු ත්රස්තවාදීන් 175 දෙනෙකු මියගොස් තිබේ.
ඒ සම්බන්ධයෙන් නයිජීරියාව සහ අමෙරිකා එක්සත් ජනපදය නිල වශයෙන් ප්‍රකාශ කරද නිකුත් කර ඇති බව විදෙස් බව වාර්තා වෙයි.
ලොව පුරා ක්‍රියාත්මක වන “වඩාත්ම සක්‍රීය ත්රස්තවාදියා” ලෙස හැඳින්වෙන, IS සංවිධානයේ ගෝලීය මෙහෙයුම් ප්‍රධානී අබු-බිලාල් අල්-මිනුකි (Abu-Bilal al-Minuki) මෙලෙස ඊසානදිග නයිජීරියාවේ දුරස්ථ ගම්මානයකදී ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව, මෙම වසර 17ක ගැටුම් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 40,000කට අධික සංඛ්‍යාවක් මියගොස්, තවත් මිලියන දෙකකට වැඩි පිරිසක් අවතැන් වී ඇති බව වාර්තා වෙයි.
පසුගිය පෙබරවාරි මාසයේදී අමෙරිකානු සෙබළ පිරිසක් උපදේශන සහ පුහුණු කිරීම් සඳහා නයිජීරියාවට පැමිණියේය. එම පිරිස කිසිදු මිලිටරි ක්රියාන්විතයකට සහභාගී නොවනා බව ඇමරිකාව ප්‍රකාශ කළද මෙම දැවැන්ත ඒකාබද්ධ ප්‍රහාරයත් සමඟ එම ප්‍රකාශය බිඳ වැටී ඇත . ඒ අනුව අමෙරිකානු හමුදාවන් සෘජු හා සක්‍රීය ලෙස අප්‍රිකානු රාජ්‍යක්වන නයිජීරියාවේ මිලිටරි මෙහෙයුම්වලට දායක වන බව දැන් තහවුරු වී තිබේ.