වසරේ මුල් කාර්තුවේ සංචාරකයන් 950,000 ශ්‍රී ලංකාවට පැමිනෙති .

මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් 950,000 වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව ජනවාරි පළමු දින සිට මැයි 17 දක්වා කාලය තුළ සංචාරකයින් 951,742ක් දිවයිනට පැමිණ ඇති බව එම අධිකාරිය සඳහන් කළේය.

මින් බහුතර පිරිසක් එනම් 221,953ක් ඉන්දීය ජාතිකයින් වන බව එම වාර්තා වැඩි දුරටත් පවසයි . එමෙන්ම බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය සහ චීනය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබේ.

මේ අතර මැයි මස පළමු දින සිට 17 වන දින දක්වා කාලය තුළ සංචාරකයින් 75,465 දෙනෙකු දිවයිනට පැමිණ ඇත. එහෙත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි‍යේ දත්ත නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන්නේ ජනවාරි, පෙබරවාරි සහ මාර්තු යන මාස දෙකට සාපේක්ෂව අප්‍රේල් සහ මැයි මාසයේ දෛනික සංචාරක පැමිණීම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවය.