සාමාන්‍ය පෙළ ලියන ‘10,000ක් ‘පුදුම කරන්න’ විභාග ලොක්කන්ට ලොකු වියදමක් ගිහින්

සාමාන්‍ය පෙළ විභාගයේ දෙවැනි වර අයදුම්කරුවන් 10,000කට අධික සංඛ්‍යාවකට අයදුම් නොකළ විෂයක් ඇතුලත් විභාග ප්‍රවේශපත් ලැබී ඇත්තේ තාක්ෂණික කරුණක් හේතුවෙන් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරනවා.

එම අයදුම්කරුවන් විභාගයට පෙනී නොසිටියේ යැයි විභාගයෙන් පසුව කිසිවිටෙකත් සලකුණු නොවන බව ඔහු ස්ථිරවම පවසා සිටියා.

කෙසේ වෙතත් එම අයදුම්කරුවන් සඳහා ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීමට සහ විභාග ශාලා වෙන් කිරීමට සිදුවීම නිසා විශාල ධනයක් අපතේ යන බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියා සිටියේ.

සාමාන්‍ය පෙළ විභාගය මැයි 6 වැනිදා ආරම්භවීමට නියමිතයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!