දශක තුනක අඳුරු යුගය නිමාකර අදට වසර 15යි

අද 2024 මැයි 18 වැනිදා.

දශක තුනකට අධික කාලයක් තිස්සේ පැවති කුරිරු යුද්ධයෙන් රට නිදහස් වී අදට වසර 15ක් සපිරෙනවා.

2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජිවිතක්ෂයට පත්විමත් සමග ඒ වනතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් වුණා.

ලොව විශාලතම මානුෂිය මෙහෙයුම මගින් ප්‍රාණ ඇපයේ සිටි සිවිල් වැසියන් දහස් ගණනක් එල්.ටී.ටී.ඊ ග්‍රහණයෙන් මුදාගැනිමේ ගෞරවය මෙරට ආරක්ෂක අංශවලට හිමි වුණා.

වසර 15ක් සැපිරීම නිමිත්තෙන් රණවිරු සැමරුම් දිනයට සමගාමීව නාවික හමුදාවේ ජ්‍යේෂ්ඨ සහ කනිෂ්ඨ නාවිකයන් 3,146 දෙනෙකු ඊළඟ නිලයට උසස් කිරීමට පියවර ගෙන තිබෙන අතර, ශ්‍රී ලංකා යුද හමුදාවේ ද සෙබළුන් 1,300 කට වැඩි පිරිසකට උසස් වීම් ලබා දීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම රණවිරු දින සැමරුම් උත්සවය හෙට (19) පස්වරුවේ බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයෙදී රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.

හෙට පස්වරු 4.00 ට රණවිරු දින සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිත අතර ඒ හේතුවෙන් සවස 3 සිට පොල්දූව හංදිය සහ කියැන්හෑම් හංදියෙන් පාර්ලිමේන්තු මාර්ගයට ඇතුළු වීමේ මංතීරුව සහ පිටවීමේ මංතීරුව වසා තැබෙන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!