වැඩ තහනමට ලක්ව සිටි විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂක රංග රාජපක්ෂගේ මරණය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකළ පුද්ගලයන්ට එරෙහිව එම පවුලේ ඥාතීන් විසින් දානමය පුණ්‍යකර්මය අවසන් වූ වහාම නීතිමය පියවර ගැනීමට නියමිත බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී අද (05) පැවසීය.
පවතින සයිබර් අවදානම හමුවේ මහ බැංකුව සහ භාණ්ඩාගාරය ඇතුළු ඕනෑම ආයතන පද්ධතියකට සයිබර් අපරාධකරුවන්ගේ මැදිහත්වීම් සිදුවිය හැකි බැවින්, රටේ සයිබර් ආරක්ෂණ යාන්ත්‍රණයන් කඩිනමින් ශක්තිමත් කරන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පවසීය .
මරණයට හේතුව අනාවරණය කර ගැනීම සඳහා දැනටමත් රුධිර හා මුත්‍රා සාම්පල මෙන්ම ඩී.එන්.ඒ. පරීක්ෂණ ද යොමු කර ඇති අතර, එම වාර්තා ලැබුණු වහාම පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන බවද ඔහු පැවසීය.