පොදුජන පෙරමුණේ ඉදිරි දේශපාලන ගමන් මඟ දැනටමත් සැලසුම් කර අවසන් බවත්, 2029 වසරේදී නාමල් රාජපක්ෂ මෙරට ජනාධිපතිවරයා බවට පත් කිරීම තම අරමුන බවත් බව උන්වහන්සේ පැවසුවා පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පැවසූහ .
ඒ සඳහා අවශ්‍ය සියලු සැලසුම් මේ වන විටත් සකස් කර ඇති බවත්, තවත් වසරක් ගතවීමට පෙර එම සැලසුම් ක්‍රියාත්මක කරන බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
රාජපක්ෂවරුන්ට එරෙහිව වත්මන් රජය ක්‍රියත්මක කරනා වැඩපිළිවෙල පිළිබඥ්ඩව අදහස් දක්වමින් උන්වහන්සේ මෙලෙස පවසන ලදි .
“අපි මහින්ද රාජපක්ෂ මැතිතුමාට ආදරෙයි. ආණ්ඩුව හිතනවා නම් එතුමාගේ නිල නිවාස ආපසු අරගෙන, ආරක්ෂාව අඩු කරලා එතුමාව හුදකලා කරලා රිද්දන්න පුළුවන් කියලා, ඒක කරන්න මේ ආණ්ඩුවට බැහැ. ඒ වගේම අල්ලස් කොමිසමට කැඳවලා එතුමාව අපහසුතාවයට පත් කරන්නත් ඔවුන්ට ඉඩ දෙන්නේ නැහැ. මහින්ද මහත්තයව හුදකලා කරන්න කාටවත් බෑ අපි ඒකට ඉඩ තියන්නේත් නෑ .”