දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් මිරිදිය ධීවරයන්ගේ ජීවන තත්ත්වය නගා සිටවනු වස් ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 1.33ක මූල්‍ය ප්‍රදානයක් ලබාදී ඇත .
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමාටා ඊට අදාළ නිල ගිවිසුමට ඉකුත් 29 වෙනිදා අත්සන් තබන ලද අතර ඒ යටතේ නැගෙනහිර පළාතේ තෝරාගත් ජලාශ 30ක මත්ස්‍ය කූඩු 200ක් ස්ථාපිත කෙරෙනු ලබන අතරධීවරයින්ට තාක්ෂණික පුහුණුව ලබාදීම සහ පළමු වගා වටය සඳහා මත්ස්‍ය පැටවුන් සහ මත්ස්‍ය ආහාර නොමිලේ ලබාදීමට නියමිතය .