පළාත් සභා ඡන්දය ගැන ආණ්ඩුවේ මත දෙකක් .

පැවැත්වීමට යෝජිත පළාත් සභා ඡන්දය පිළිබදව ආණ්ඩුවේ මත දෙකක් ඉදිරිපත්ව ඇතිබව දේශපාලන ආරංචි මාර්ග පවසයි . ඒ අනුව ආණ්ඩුවට සම්බන්ධ ජ.වි.පෙ නියෝජනය කරනා පාර්ශවය පළාත් සභා මැතිවරණය කල් දැමීමට හෝ නොපැවැත්වීමට යෝජනා කරනා බව දනගන්නට තිබේ .

එහෙත් ආණ්ඩුව තුළ සිටිනා ජාතික විද්වත් සන්ධානය නියෝජනය කරනා පාර්ශවයන් පළාත් සභා මැතිවරණය හැකි පළමු අවස්ථාවේම පැවැත්විය යුතු බවට යෝජනා කරනා අතර, එම කණ්ඩායන නියෝජනය කරනා පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් අබේසිංහ අවස්ථා ගනනකදීම ඒ බව පෙන්වා දී තිබේ.

මෙම තත්ත්වය ජ.වි.පෙ නියෝජනය කරනා කණ්ඩායමේ බලවත් කෝපයට හේතුවී ඇති අතර පසුගිය දා උතුරේ සිදුකළ සංචාරයකදි පළාත් සභා ඡන්දය සඳහා වෙන්කළ මුදල් දිට්වා සහනාධාර සඳහා වෙන්කළ බැවින් මැතිරණය මෙම වසරේ නොපවත්වන බව ප්‍රකාශ ක‍රේ පක්ෂ කාඩරය පින වීමට බව දේශපාලන විචාරකයෝ පවසති .

මේ පිළිබඳව අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා පවසූවේ මැතිවරණය පැවැත්වීමට මුදල් වෙන්කර ඇතිබවත්, ඊට බාධාවක්ව ඇත්තේ මැතිවරණය පවත්වන ආකාරය ගැන මතුව ඇති නෛතික ගැටළුවක් බවත් ය. මේ අතර විපක්ෂ කණ්ඩායම් පවසනුයේ පවතින නෛතික බාධාවන් විසඳා ගන්නා තෙක් පැවැති ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බවත් ඊට අදාල සංශෝධනන සඳහා තම සහය හිමිවන බවත් ය .