කැලණිය විශ්වවිද්‍යාලයට පැමිණි ඩඩ්ලි සිරිසේනට සිසුන්ගේ විරෝධය.

කැලණි විශ්ව විද්‍යාලයේ ආරාධිත මහජන සම්බන්ධතා සහ මාධ්‍ය කළමණාකරන පස්චාද් උපාධි ඩිප්ලෝමා ඩිප්ලොමා පාඨමාලාවේ ආරාධිත දේශනය සඳහා පැමිණි පැමිණි ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන හට සිසුන්ගේ විරෝධතාවක් එල්ල වී තිබේ.

ඩඩ්ලි සිරිසේන පැමිණි මෝටර් රථය වට කරගත් සිසුන් ඔහුට ඉදිරියට යාමට නොදී මෙම විරෝධතාවය පළ කළහ. රටේ සහල් සඟවා මිල ඉහළ දමන්නේ ඔහු බවට චෝදනා කල සිසුහු මෙවැනි පුද්ගලයන් දේශන සඳහා කැඳවීම ගැන ආචාර්වරුන්ටද දොස් පවරන ලදි.

ඩඩ්ලි සිරිසේන අරලිය සහල් ඇතුළු ව්‍යාපාර ජාලයක හිමිකරුවා වන අතර, හිටපු විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහෝදරයාද වෙයි

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!