ආශීර්වාද මැද ඩවුන් සින්ඩ්‍රෝමය සහිත දෙදෙනෙකු විවාහ වෙයි

ඩවුන් සින්ඩ්‍රෝමය සහිත දෙදෙනෙකුගේ විවාහයක් ඉන්දියාවේ, පූනේ හි දී සිදු ව තිබෙන අතර ඒපිළිබඳව ගැන බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා.

එලෙස විවාහ වූ අනන්‍යා සවන්ත් ගුරිවරියක වන අතර විග්නේෂ් ක්‍රිෂ්ණස්වාමි විග්නේෂ් ඩුබායි හෝටලයක පිළිගැනීමේ නිලධාරියෙක්.

ඔවුන් දෙදෙනාගේ විවාහයට දෙපාර්ශ්වයේ ම ආශිර්වාදය හිමිව තිබෙන අතර, ඒ පිළිබඳව අනන්‍යාගේ මව වන වෛද්‍යවරියක වූ තේජාස්විතා සවන්ත් පවසා තිබුණේ මෙවන් අදහසක්.

”යම් වයසකට ආවට පස්සේ, එයා සහකරුවෙක් සහ ඇසුරක් අපේක්ෂාවෙන් සිටින බව අපට දැක ගන්න පුළුවන් වුණා. අපි දැනගෙන හිටියා එයා වැඩිලා ඉන්නේ කියලා. තමන්ගේ හැඟීම් බෙදාහදා ගන්න, එයා විශේෂ යහළුවෙක් හෝ සහකරුවෙක් බලාපොරොත්තුවෙන් හිටියා. අනන්‍යා යම් ඇසුරක් අපේක්ෂාවෙන් ඉන්න බව ඇයගෙන් පළවූ ඉඟිවලින් පැහැදිලි වුණා. ඒ නිසා අපි හිතුවා එයාට සහකරුවෙක් හොයන්න ඕන කියලා.”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!