හිටපු පාකිස්ථාන ක්‍රිකට් නායකයෙක් මිය යයි

හිටපු පාකිස්ථාන ක්‍රිකට් නායකයෙකි වන සයීඩ් අහමඩ් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, කලක් රෝගාතුරව සිටි හිටපු පාකිස්ථාන නායකයා ඊයේ ලාහෝර් නුවර දී අවසන් සුසුම් හෙලූ බවයි.

මිය යන විට සයීඩ් අහමඩ් 86 වැනි වියේ පසු වූ අතර, ඔහු පාකිස්ථානය වෙනුවෙන් වසර 15ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් තරග 41ක් ක්‍රීඩා කර තිබෙනවා.

අහමඩ් 1958 සිට 1973 දක්වා කාලය තුළ පාකිස්ථානය වෙනුවෙන් ඔහු ක්‍රීඩා කළ ටෙස්ට් තරග 41 තුළ දී, ලකුණු 2991ක් රැස් කරගෙන තිබුණේ පිතිකර සාමාන්‍ය 40.41ක් ලෙස රඳවා ගනිමින්.

ඔහු සිය වෘත්තීය ක්‍රිකට් ජීවිතය තුළ ශතක පහක් රැස් ක‍රගෙන ඇති අතර ඉන් තුනක් ම ඉන්දියාවට එරෙහිව වාර්තා කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!