ඔස්ට්‍රෙලියාවේ ශිෂ්‍ය වීසා නීති දැඩි වෙයි

විදෙස් ශිෂ්‍යයින් සඳහා වන වීසා නීති දැඩිකිරීම මෙම සතියේ සිට ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රෙලියාව තීරණය කර තිබෙනවා.

ඔස්ට්‍රෙලියානු මාධ්‍ය පෙන්වා දෙන්නේ, එම තීරණය ගෙන ඇත්තේ ඔස්ට්‍රෙලියාවට පැමිණි සංක්‍රමණිකයින් ගණන විශාල ලෙස වැඩි වී ඇති බව නවතම දත්ත අනූව පෙනීයන පසුබිමක යි.

සංක්‍රමණිකයින්ගේ පැමිණීම වැඩිවීම හේතුවෙන් එරට කුලි නිවාස වෙළෙඳපොළ තරගකාරීත්වය නොසිතූ ලෙස වර්ධනය වී ඇති අතර නිවාස කුලිය දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර උපාධිධාරී වීසා සහ ශිෂ්‍ය වීසා සඳහා අවශ්‍ය ඉංග්‍රීසි භාෂා අවශ්‍යතාවය තවත් වැඩිකර ඇති අතර, ජාත්‍යන්තර ශිෂ්‍යයින් සඳහා පහසුකම් සලසන සමාගම් නීති දිගින් දිගට ම කැඩුවොත් එම සමාගම්වල කටයුතු අත්හිටුවීමට ඔස්ට්‍රෙලියානු රජයට බලය පවරා තිබෙන බවත් එම මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!