දුම්රිය රියැදුරන්ගේ වර්ජනය අඛණ්ඩව

ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය ආරම්භ කළ වර්ජනය අදත් (08) ක්‍රියාත්මක වනවා.

මේ හේතුවෙන් අද පෙරවරුවේ දුම්රිය ගමන්වාර 10 ක් අවලංගු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

උසස්වීම් ලබා නොදීම සහ බඳවා ගැනීම් ප්‍රමාද වීම ඇතුළු ගැටලු‍ කිහිපයක් මුල් කරගනිමින් ලොකෝමොටිව් එන්ජින් රියැදුරන්ගේ සංගමය මෙම වර්ජනය ආරම්භ කළ අතර ඒ හේතුවෙන් ඊයේ දුම්රිය ගමන් වාර 80කට වැඩි සංඛ්‍යාවක් අවලංගු වුණා.

ඒ හේතුවෙන් දැඩි අපහසුතාවකට පත්වූණේ අසරණ මගී ජනතාවයි.

දුම්රිය ධාවනාගාර 5න් ධාවනාගාර දෙකක රියැදුරන් මෙම වර්ජනයට එක්ව සිටින අතර තම ගැටළුවලට විසඳුම් නොලැබෙන්නේ නම් වර්ජනය අඛණ්ඩව සිදුකිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!