ශ්‍රී ලංකාවට යළිත් පරාජයක් අත්කර දුන් බංග්ලාදේශය

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයෙන් කඩුළු 2ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩයම සමත් වුණා.

බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුළු 8ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තා.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටයි.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09 දැවී ලකුණු 124 ක් රැස් කළා.

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා බංග්ලාදේශයට හිමිවූ ඉලක්කය ලකුණු 125යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි Litton Das ලකුණු 36ක්ද, Towhid Hridoy ලකුණු 40ක් ද ලබා ගත් අතර Mahmudullah  නොදැවී ලකුණු 16ක් රැස් කළා.

පන්දු යැවීමේ දී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Rishad Hossain සහ Mustafizur Rahman කඩුළු 3ක් දවා ගත් අතර Taskin Ahmed කඩුළු 2ක් දවා ගැනීමට සමත් වුණා.

එහිදී පැතුම් නිස්සංක ලකුණු 47ක් රැස් කළ අතර, ධනංජය සිල්වා ලකුණු 21ක්ද, චරිත් අසලංක ලකුණු 19ක්ද රැස් කිරීමට සමත් වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!