නවසීලන්තයට අමිහිරි පරාජයක්

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (08) පැවැත්වෙන නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 159ක් රැස් කළා.

නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 15යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකිවුණේ ලකුණු 75ක් පමණයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!