ලෝක වාර්තාවක් තබා ලංකාව බැබළවූ සමිත දිවයිනට

ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වුණු 2024 පැරා ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වෙමින් නව ලෝක වාර්තාවක් තබමින් ,රිදී පදක්කමක් දිනා ගත් සමිත දුලාන් ක්‍රීඩකයා ඊයේ (10) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම තරගාවලිය ජාත්‍යන්තර පැරා ඔලිම්පික් කමිටුව විසින් පසුගිය අගෝස්තු මස 28 වැනිදා සිට මේ මස 08 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවර කේන්ද්‍ර කර ගනිමින් පවත්වා තිබුණා.

ඔහු මෙම තරගාවලියේ එෆ් – 44 කාණ්ඩය යටතේ හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වී මෙම ජයග්‍රහණය හිමිකරගැනීමට සමත් වුණා.

එසේම ඔහු මීට පෙර ජපානයේ ටෝකියෝ නුවර පැවති පැරා ඔලිම්පික් තරගාවලියට ද සහභාගී වී ලෝකඩ පදක්කමක් දිනා ගෙන තිබුණා.

ඔහු සමග මෙම පැරා ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ අනෙකුත් ක්‍රීඩකයින් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!