සුනඛයෙකු ඇදගෙන ගිය කුඩා දරුවකුගේ පාදයක්

හලාවත මුහුදු තීරයේදී ඊයේ (2) සුනඛයෙකු ඇදගෙන ගිය කුඩා දරුවකුගේ පාදයක් සම්බන්ධයෙන් හලාවත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මාස හයක පමණ වන කුඩා දරුවෙකුට අයත් පාදයක් සුනඛයෙකු මුහුදු තීරයේ ඇදගෙන යමින් තිබියදී පොලිසියට ලද තොරතුරක් මත හලාවත පොලිසිය නිලධාරින් එම ස්ථානයට පැමිණ විමර්ශන ආරම්භ කර ඇත.