වීථි දරුවන් තිස් දාහක් දිවයින පුරා

සිඟමන් යදින වීථි දරුවන් දිවයින පුරා 20,000ත් – 30,000ත් අතර පිරිසක් සිටින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංඛ්‍යා හා දත්ත අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ, සිදුකරන ලද සමීක්ෂණයකින් ඒ බව අනාවරණය වී ඇති බවයි.

මේ ආකාරයෙන් වීථි දරුවන් බහුල වීමට හේතුව ලෙස මහාචාර්යවරයා සඳහන් කරන්නේ, කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ ඇති වූ ආර්ථික අර්බුදය හේතු වී ඇති බවයි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!