කෙහෙළියගේ දුව මානව හිමිකම් යයි

රක්ෂිත බන්ධනාගාරගතව සිටින කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ තිබෙනවා.

එම පැමිණිල්ල ඉදිරිපත් කරමින් ඇය සඳහන් කරන්නේ, තම පියා වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇති බවයි.

අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍යවරයාගේ දියණිය සඳහන් කළේ, තම පියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ තබාගෙන සිටින බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් කරන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බව‍යි.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!