කථානායකට එරෙහි විශ්වාසභංගය අද විවාදයට

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (19) ආරම්භ වීමට නියමිතයි.

ඒ අනුව අද පෙරවරු 9.30 සිට පස්වරු 5.30 දක්වා සහ හෙට (20) පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම හෙට පස්වරු 4.30ට පමණ පැවැත්වීමට නියමිත බව ද පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!