රට හරහා දිවීමේ ශූරයා බස්නාහිරින්

48 වැනි ජාතික ක්‍රීඩා තරගාවලියට සමගාමීව රට හරහා දිවීමේ තරග අද (16) උදෑසන නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගනයේ දී පැවැත් වුණා.

වසර හතරකට පසු පැවැත්වූ මෙම තරගය සදහා පළාත් නවය ම නියෝජනය කරමින් පිරිමි අංශය නියෝජනය කරමින් ක්‍රීඩකයන් 79 දෙනෙක්ද, කාන්තා අංශය නියෝජනය කරමින් ක්‍රීඩකාවන් 47 දෙනෙක් ද සහභාගි වී සිටියා.

තරගයේ දුර ප්‍රමාණය කිලෝමීටර් 10ක් වූ අතර එහි පළමු ස්ථානය මිනිත්තු 34.04 ක කාලයක් වාර්තා කළ, බස්නාහිර පළාතේ ආර්.එම්.එස්.පුෂ්පකුමාර විසින් දිනාගත් අතර දෙවැනි ස්ථානය දිනා ගනු ලැබුවේ, මිනිත්තු 34.38ක කාලයක් වාර්තා කළ මධ්‍යම පළාතේ වී. විකාශන් විසින්.

එහි තුන්වැනි ස්ථානය ඌව පළාතේ ටී.එම්. එරන්ද තෙන්නකෝන් වාර්තා කළේ, මිනිත්තු 34.38ක කාලයක් වාර්තා කරමින්.

එම තරගයේ කාන්තා මිනිත්තු 39.30ක කාලයක් වාර්තා කළ, මධ්‍යම පළාතේ එච්.එම්.සී.එස්.හේරත් දිනාගත් අතර දෙවැනි ස්ථානය දිනා ගනු ලැබුවේ මිනිත්තු 39.32ක කාලයක් වාර්තා කළ, නැගෙනහිර පළාතේ ඩබ්.ඒ.එම්.ආර්. විජේසූරිය විසින්.

එහි තෙවැනි ස්ථානය ඌව පළාතේ ඩබ්.එම්. නිමේෂා නිදර්ශනී විසින් දිනාගනු ලැබුවේ තරගය මිනිත්තු 39.50ක කාලයකින් නිමා කරමින්.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!