ශ්‍රී ලංකා පොලිසිය වෙත දෙමළ භාෂාවෙන් පැමිණිළි ඉදිරිපත් කිරීම සඳහා පොලිස් හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා තිබෙනවා.
ඒ අනුව එම සේවාව සඳහා 107 යන පොලිස් හදිසි ඇමතුම් අංකය වෙත පැමිණිල්ල යොමු කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ, විශේෂයෙන් උතුරු නැගෙනහිර ජනතාවට ඒ ඔස්සේ දෙමළ භාෂාවෙන් පොලිස් සහාය ලබාගත හැකි බවයි.