ලහිරු,දුමින්ද සහ ජිනරතන හිමි ගැන අධිකරණය ගත් තීරණය

ජන අරගල ව්‍යාපාරය විසින් පසුගිය මාර්තු 20වනදා කොළඹ දී පැවැත්වුණු විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් ලහිරු වීරසේකර, දුමින්ද නාගමුව සහ රත්කරුව්වේ ජිනරතන හිමි ඇප මත මුදාහරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (3) නියෝග කර තිබෙනවා.

ඔවුන් තිදෙනාට ඇප ලබාදෙන ලෙස නීතිඥ මඩුල්ල සිදුකළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකර තිබෙනවා.

සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කර නොමැති අතර ස්කයිප් තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කර මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදුකර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!