ටෙස්ලා සමාගමට අභියෝගයක් වන චීනයේ සිහින මෝටර් රථය

ලෝකයේ ප්‍රකටව සිටින ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් ලෙස චීනයේ Xiaomi සමාගම හඳුන්වන්න පුලුවන්.

ඒත් ඔවුන් ලෝකයටම හොර රහසේ අලුත් විද්‍යුත් මෝටර් රථයක් නිෂ්පාදනය කරන්න ආරම්භ කරලා තියෙනවා.

Xiaomi සමාගම ඔවුන්ගේ නව මාදිලියේ විද්‍යුත් මෝටර් රථය පසුගියදා එළිදැක්වූවා

ඒවගේම ඒ සඳහා ඇණවුම් බාරගැනීමත් ඒත් එක්කම ආරම්භ කළා.

Xiaomi සමාගම නිෂ්පාදනය කරපු පළමු මාදිලිය වූණේ SU7 කියන මාදිලිය.

මේ නිෂ්පාදනය සඳහා මේ වනවිට 100,000කට වඩා ඇණවුම් ලැබී ඇති අතර Xiaomi සමාගම අද නිවේදනය කළේ ඇණවුම් සඳහා නව මෝටර් රථ නිකුත් කිරීම ආරම්භ කළ බවයි.

විද්‍යුත් මෝටර් රථ සඳහා ලොව ප්‍රමුඛතම වෙළෙඳපොළ ලෙස චීනය සැලකෙන අතර එහි ඉදිරියෙන්ම සිටින්නේ ටෙස්ලා සමාගම යි.

ටෙස්ලා සමාගම මෙන් ඉදිරියට ඒම තම සමාගමේ අරමුණ බව Xiaomi සමාගමේ ප්‍රධාන විධායක ලෙයි ජුන් පැවසුවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!