විජයදාසගේ පත්වීමට එරෙහිව දුමින්ද ඉල්ලූ වාරණයට ඉඩ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා පත්කිරීම අභියෝගයට ලක් කරමින් එහි වැඩබලන මහ ලේකම් දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ පෙත්සමට අදාළ වාරණ නියෝගය පිළිබඳව කරුණු සලකා බැලීමට කොළඹ දිසා අධිකරණය අද (15) අවසර ලබා දුන්නා.

විජයදාස රාජපක්ෂ මහතාගේ නීතිඥවරු මෙම පත්වීමට අදාළව කඩුවෙල දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර ඇති නිසා පැමිණිලිකරු ඉල්ලා සිටින වාරණ නියෝගය නිකුත් කළ නොහැකි බවට ඊයේ (14) දිනයේදී විරෝධතා මතු කර තිබුණා.

ඒ අනුව දුමින්ද දිසානායක මහතා ඉල්ලා සිටින වාරණ නියෝගය සම්බන්ධයෙන් තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට ඒ මහතාගේ නීතිඥවරුන්ට අවසර ලබා දෙන බවත් අදාළ නියෝගයේ සඳහන් වුණා.

එම වාරණ නියෝගය පිළිබඳව වැඩිදුරටත් අද දහවල් කරුණු දැක්වීමට නියමිතයි..

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!