කිසිවෙක් නොදත් ලංවිම තොරතුරු කෝප් කමිටුව නිසා එළියට

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවය කළ ඉංජිනේරුවරුන් 130 දෙනෙකු පමණ මෑත කාලය තුළ සේවය හැර ගොස් ඇති බව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.

කෝප් කමිටුවේදී මධුර විතානගේ මන්ත්‍රීවරයා කළ විමසුමකදී ඊට ප්‍රතිචාර දක්වමින් ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාම්‍යාධිකාරී පාලිත පෙරේරා මහතා පවසා ඇත්තේ සම්පූර්ණ වශයෙන් ඉංජිනේවරු 330 දෙනෙකුගේ පමණ පුරප්පාඩු පවතින බවයි.

එහිදී ඔහු සඳහන් කළේ ,

130ක් ඉල්ලා අස්වෙලා ගිහින් තියෙනවා ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ මුල් මාස 4 ඇතුළත. අපිට විශ්‍රාම ගිය අයත් බඳවා ගැනීම් සිදුනොකළ නිසා ඔක්කෝම ඉංජිනේරුවන් 330ක අඩුවක් තියෙනවා” යනුවෙනි.

එසේම ඒඑස් පවර් විදුලි බලාගාරය මිලදී ගැනීමට යෝජනා වී තිබුණු අවස්ථාවක එසේ නොකර එමඟින් හදිසි මිලදී ගැනීම් සිදුකිරීමෙන් රුපියල් බිලියන ගණනක පාඩුවක් විදුලිබල මණ්ඩලයට සිදුව ඇති බවද කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!