තායිලන්තයේදී බිහිවූ ලංකාවේ ජාතික වාර්තාව

හංසනී ගෝමස් තායිලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝග්‍රෑම් 49 බර පන්තියේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබෙනවා.

ලෝක ශූරතා බර ඉසිලීමේ ශූරතා තරගාවලිය මේ දිනවල තායිලන්තයේ දී පැවැත්වෙන අතර මෙය ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසද ක්‍රියාත්මක වනවා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදුණු හංසනී ගෝමස් ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 76ක බරක් ඔසවමින් නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

ඒවගේම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 55 බර පන්තියෙන් තරග වැඳුණු ඩිලංක ඉසුරු කුමාර 5 වැනි ස්ථානය දිනා ගත්තා.

ඒ ස්නැච් ක්‍රමයට කිලෝග්‍රෑම් 112 ක් හා ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝග්‍රෑම් 145 ක් ඔසවමිනි.

මෙම තරග ඉසව්වේදී ඩිලංක එසවූ සමස්ත බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 247කි.

මෙය ඔහුගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙසද වාර්තා අතරට එක්වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!