මරණයකින් කෙළවර වුණු දෙපිරිස අතර ගැටුම

ඊච්චලම්පත්තුව පොලිස් වසමේ ඉලංගතුරේ ප්‍රදේශයේ දී අද (03) අලුයම තියුණු ආයුධයකින් පහරදී, පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා ඊච්චලම්පත්තුව රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා මූතූර් රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බව පොලීසිය සඳහන් කළා.

මෙසේ මියගොස් ඇත්තේ ඉලංගතුරේ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක්.

දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන්,එක් පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය කර ඇති බවත්, ඝාතනය සිදුකළ සැකකරුවන් පිරිසත් පොලීසිය හඳුනාගෙන තිබෙනවා

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඊච්චලම්පත්තුව පොලීසිය සිදුකරනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!