ශ්‍රීලංකන් ගුවන් සේවයේ මුම්බායි අලෙවි කණ්ඩායම, මාලදිවයිනේ අලෙවි කණ්ඩායම සහ Canareef Resort සමඟ එක්ව මාලදිවයිනේ මනරම් ‘ගැන් දූපත (Gan Island)’ ප්‍රමුඛතම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංචාරක වැඩසටහනක් පැවැත්වීමට කටයුතු කළේය. මෙම වැඩසටහන සඳහා ඉන්දියාවේ ප්‍රමුඛතම සංචාරක නියෝජිත ආයතන නියෝජනය කරමින් සංචාරක ක්‍රියාකරුවන් පිරිසක් සහභාගී වූහ. කිමිදුම්කරුවන්ගේ වඩාත් කැමති සංචාරක ස්ථානයක් ලෙස ප්‍රසිද්ධියට පත් මාලදිවයිනේ ‘ගැන් දූපත’ පවුලේ සැමට එක සේ විනෝදවිය හැකි අකර්ෂණීය ගමනාන්තයක් බවට වේගයෙන් පරිවර්තනය වෙමින් පවතී. එහි ස්වභාව සෞන්දර්යය, ඉතිහාසය, උරුමය සහ විචිත්‍රවත් සාගර ජීවීන්ගේ සංකලනය මෙයට හේතුවයි. මෙම වැඩසටහනට මුම්බායි සහ පූනේ සිට පැමිණි සංචාරක ක්‍රියාකරුවන් පිළිගනු ලැබූ අතර, ඔවුන්ට මාලදිවයිනේ Canareef Resort හි සුඛෝපභෝගී සුවපහසු අමතක නොවන විනෝදාස්වාද අත්දැකීමක් ලබා දුන්නේය. එමෙන්ම විචිත්‍රවත් කොරල්පර සහ ඩොල්ෆින් නැරඹීම, සාම්ප්‍රදායික බාලි සම්බාහන ඇතුළත් ස්පා ප්‍රතිකාර, යෝග සහ මාලදිවයින් දේශීය ආහාරපාන ඇතුළු විනෝදාස්වාද අංගයන් අත්විඳීමට ද ඔවුන්ට හැකි විය. මෙවැනි වැඩසටහන් ඔස්සේ කොළඹ හරහා මුම්බායි-ගන් දූපත් මාර්ගය ඔස්සේ සංචාරක ව්‍යාපාරය නංවාලීම ශ්‍රීලංකන් ගුවන් සේවයේ අරමුණයි. ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්දියාවේ මුම්බායි, දිල්ලි, චෙන්නායි, බැංගලෝර්, හයිද්‍රාබාද්, කොචි, ත්‍රිවාන්ද්‍රම්, මදුරෙයි සහ තිරුවානන්තපුරම් දක්වා සතිපතා ගුවන් ගමන් 90ක් සමඟින් කොළඹ හා සම්බන්ධ කරන අතර, කොළඹ සිට මාලදිවයින දක්වා ද ගුවන් ගමන් ක්‍රියාත්මක කෙරේ.