අලුත් අවුරුද්දට ගමේ යන්න හෙට සිට විශේෂ බස්රථ සේවාවක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් හෙට (5) සිට විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කරන බව පවසනවා.

කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල සිටින ජනතාවට ගම්බිම් බලා යෑමට අමතර බස් රථ 200 ක් පමණ සේවයට යොදවන බවත් කොළඹ සහ අවට ප්‍රදේශවල සිට දිවයිනේ සෑම ප්‍රදේශයකට බස් රථ ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!