ලෙබනනයේ රාජකාරී සඳහා පිටත්ව ගිය යුද හමුදා භට කණ්ඩායම

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ සාමසාධක රාජකාරීන් සඳහා ශ්‍රී ලංකා යුද හමුදා 15 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම ඊයේ (3) දින දිවයිනෙන් පිටත්ව ගියා.

දිවයිනෙන් පිටත්ව ගිය මෙම කණ්ඩායම විජයබාහු රෙජිමේන්තුව සහ රෙජිමේන්තු කීපයක් නියෝජනය කරමින් නිලධාරීන් 11 දෙනෙක් සහ සෙසු නිලධාරීන් 114 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 125 දෙනෙකුගෙන් සමන්විත වුණා .

මෙම මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙස විජයබාහු පාබල රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් ඩී.කේ.ඩී. විතානගේ ආර්එස්පී කටයුතු කරනු ලබනවා.

සාමසාධක රාජකාරී සඳහා පිටත්ව යන භට කණ්ඩායමට සුභපැතීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් ‍තොටුපල වෙත යුද හමුදාව නියෝජනය කරමින් මධ්‍යම ආරක්ෂක සේනා අඥාපති සහ විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ ඇතුළු යුධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ පිටත්වගිය භට කණ්ඩායමේ නිලධාරි සහ සෙසුනිලයින්ගේ පවුල්වල සමාජිකයන් සහභාගී වුණා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!