RMV අක්‍රමිකතා රැසක් පරිගනක පද්ධතියේ දත්ත මගින් හෙළිවේ

නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ තිබූ දත්ත සියල්ල, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් සහ පරිගණක විශේෂඥ කණ්ඩායමක් විසින් පැය 24 ක කාලයක් තුළ සාර්ථකව පිටපත්කරගෙන අවසන් කර ඇතිබව පොලිසිය පවසයි .

මෙම දත්ත සමුදාය ඔස්සේ ඉදිරියේදී දැඩි හා ගැඹුරු විශ්ලේෂණයක් සිදු කිරීමට නියමිත බවත්, ඒ ඔස්සේ ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගත හැකිවනු ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

මීට අමතරව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු දත්ත පද්ධතියේ ඇතැම් දත්ත පද්ධතිය තුළම වෙනස් කර ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවද පොලීසිය පවසයි.

මෙම දත්ත විශ්ලේෂණය හරහා දෙපාර්තමේන්තුව තුළ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා පිළිබඳ සියලු සත්‍ය තොරතුරු ඉදිරියේදී අනාවරණ කරගැනීමට හැකි වනු ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි .