සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති ඉල්ලා අස්වෙයි .

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් සිය දෙවසරක ධුර කාලය අවසන් වීමෙන් පසු ඊයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතත් මේවන තුරුත් එම ධූරය සඳහා නව සභාපතිවරයකු හෝ වැඩබලන සභාපතිවරයකු නිල වශයෙන් පත්කර නැතිබව වාර්තා වේ.

හේවාවසම්ගේ අවසන් රාජකාරි දිනය 2026 ඔක්තෝබර් 30 වැනිදා වූ අතර, මේ වන තෙක් ඒ සඳහා වෙනත් අයකු පත් කිරීම සම්බන්ධයෙන් නිල දැනුම්දීමක් සිදුකර නොමැති බව සංචාරක ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉදිරි ශීත සෘතු සංචාරක කාලසීමාවට පෙර ප්‍රධාන අන්තර්ජාතික වෙළෙඳපොලවල් තුළ ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ආකර්ෂණය පවත්වා ගැනීම සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් අතුරු ප්‍රවර්ධන වැඩසටහන් ආරම්භ කර ඇති අතරතුර මෙම ඉල්ලා අස්වීම සිදුවීම විශේෂත්වයකි.