භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් තැබූ වාර්තාව

මේ වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළ, චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවාවේ ගමන් වාර 6,184 ක් ක්‍රියාත්මක වී ඇති බව සීමාසහිත චීන රාජ්‍ය දුම්රිය සමූහය හෙළි කර තිබෙනවා.

එමගින් සම්මත බහාලුම් 675,000 ක භාණ්ඩ බෙදා හැර ඇති බවත් එම ප්‍රමාණය පෙර වසරේ අදාළ කාලයට සාපේක්ෂව 11% ක වර්ධනයක් බවත් එහි සඳහන් වනවා.

අප්‍රේල් මාසය අවසන් වන විට, චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සමස්ත වශයෙන් ගමන් වාර 89,000 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාවට නංවා තිබීම එහිදී කැපී පෙනෙනවා.

එම දුම්රිය සේවාව මගින් යුරෝපා රටවල් 25 ක නගර 223 කට ප්‍රතිලාභ සැපයෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!