දොඩංගොඩ විල්පාත ප්රදේශයේ නිවසකට අද අළුයම වෙඩි ප්රහාරයක් එල්ලවී ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි .
නිවසේ ජනේලයට වෙඩිප්රහාර හතරක් එල්ලවී ඇති බවද පොලිසිය කීය.
වෙඩිතැබීමෙන් කිසිවකුටත් හානි සිදුව නොමැති බවත් සදහන් වේ.
කළුතර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගර නිළධාරීන් පරීක්ෂණ සිදුකරන ලද අතර, විශේෂ කාර්ය බළකා සෙබළුන් ද කැදවා තිබුණි.
දොඩංගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වති .