ලෙබනනයේ රාජකාරි නිමකර නැවත දිවයිනට පැමිණි හමුදා සාමාජිකයන්

ලෙබනයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා 14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම සිය රාජකාරී සාර්ථකව නිමවා 2024 අප්‍රේල් 02දා නැවත දිවයිනට පැමිණියා.

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරී සඳහා 2023 මාර්තු මස මෙරටින් පිටත්ව ගිය මෙම කණ්ඩායම එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ රාජකාරී කටයුතු සිදුකළා.

කර්නල් ඩි.පි.අයි.ටි කලුඅග්ගල ආර්එස්පී යුඑස්පි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ අණදීම යටතේ රාජකාරි සිදුකල එම භට පිරිසට අයත් නිලධාරින් 10 දෙනෙකු සහ සෙසු නිලධාරීන් 115 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණි කණ්ඩායමට අයත්වනවා.

සාමසාධක රාජකාරී කාලසීමාව නිම කර මෙරටට පැමිණි එම භට කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් බී.කේ.ජී.එම්.එල් රුද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ එම රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.ඒ.ඩී.එන්.ආර් කන්නන්ගර ආර්එස්පී අයිජී ජ්‍යෙෂ්ඨ නිලධාරි ඇතුළු නිලධාරින් පිරිසක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණ සිටියා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!