දෙදෙනෙකුට මරු කැඳවූ එඬේරමුල්ලේ බිහිසුණු දුම්රිය අනතුරේ ඇත්ත කතාව මෙන්න

එඬේරමුල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ අද (08) උදෑසන මෝටර් රථයක් දුම්රිය දෙකක ගැටී සිදුවූ රිය අනතුරෙන් කාන්තාවක් ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.

ආලෝක සංඥා ක්‍රියාත්මක වෙමින් තිබියදී අපරීක්ෂාකාරී ලෙස දුම්රිය මාර්ගයට ඇතුල් කළ මෝටර් රථය දුම්රියේ ගැටී තිබෙනවා.

මෙම මාරක රිය අනතුර සිදුවුණේ අද උදෑසන 6.15ට පමණ .

එම ස්ථානයෙන් දුම්රියක් ධාවනය වන බවට නිකුත් වන ආලෝක සංඥා ක්‍රියාත්මක වෙමින් තිබියදීත් එඬේරමුල්ල දෙස සිට වත්තල දෙසට අදාළ මෝටර් රථය ඉදිරියට ධාවනය කර තිබෙනවා.

බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ මෝටර් රථය එම අවස්ථාවේ ගැටී තිබෙනවා.

අනතුරින් පසු මෝටර් රථය මීටර් 200ක් පමණ කොළඹ දෙසට ඇදී ගොස් ඇති අතර අනතුර දුටු ප්‍රදේශවාසීන් කඩිනමින් මෝටර් රථයේ සිටි පුද්ගලයින් පිටතට ගැනීමට උත්සාහ කිරීමේදී ඊට සාමන්තරව පිහිටි අනෙක් දුම්රිය මාර්ගය ඔස්සේ ත්‍රිකුණාමලය බලා ගමන්කරන ඝීග්‍රගාමී දුම්රිය ප්‍රතිවිරුද්ධ දෙසට ධාවනය වී ඇති අතර මෝටර් රථය එම දුම්රියේද ගැටී තිබෙනවා.

මෙම අනතුර නිසා මෝටර් රථයේ ගමන්කළ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්වුණා.

එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 56ක බියගම ප්‍රදේශයේ පදිංචි කැලුම් තුෂාර සිල්වා සහ වයස අවුරුදු 44 ක් වන ඩබ්. කේ. එන්. එන්. රත්නපාල නමැති කාන්තාවයි.

ඇය කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරිනියක් බවත් වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!