දැරියට පහරදුන් වැලිඔය නරුම පියා රෝහලට

සිව් හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ කුකුල් චමින්ද අනුරාධපුරය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔහුව එලෙස රෝහල් ගත කර ඇත්තේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ නිර්දේශය මතයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ බන්ධනාගාර පරිශ්‍රය තුළදී සැකකරුට පහරදීමක් සිදුවී නැති බවයි.

වැලිඔය ප්‍රදේශයේ සිව් හැවිරිදි දැරියකට අමානුෂික ලෙස පහරදුන් අදාළ සැකකරු පසුගියදා පුල්මුඩේ, අරිසිමලේ ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගැනුණා.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කුකුල් චමින්ද ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ අනුව සැකකරු පසුගිය 05 වනදා යොමුකෙරුණේ, අනුරාධපුර බන්ධනාගාරයටයි.

පසුව සැකකරු ජුනි 06 වනදා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමුකර තිබුණා.

එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරියා පවසා තිබුණේ, සැකකරු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරන ලෙසයි.

අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ නිර්දේශ මත සැකකාර කුකුල් චමින්ද අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!