GMOA සහ අන්තරේට ත්‍රස්තවාදී ලේබල් ගසනා ආණ්ඩුවේ අළුත්ම පනත .

රජය අලුතින් හඳුන්වාදීමට යන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත සහ රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කර ගැනීමේ පනත් හි පවතින අපැහැදිලිතාවයන් හේතුවෙන් බරපතල ගැටළු රැසක් මතුවීමේ අවධානමක් මතුව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කරයි.

නව පනත මගින් නීතිය ක්‍රියාත්මක කරන නිළධාරීන්ගේ අභිමතය පරිදි කටයුතු කිරීමට අවස්ථාව ලැබෙන බැවින්, ඖෂධ හිඟය, බාල ඖෂධ, පිළිකා රෝගීන්ගේ ඖෂධ ගැටලු, සෞඛ්‍ය සේවාවේ දූෂණ වංචා අක්‍රමිකතා ආදිය ගැන කතා කිරීම පවා ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථ දැක්විය හැකිබව ඔහු පවසයි . ඒ අනුව අදාළ කරුණු අනාවරණය කරන වෘත්තිය හා සිවිල් නායකයන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගත හැකි බවත් එය බරපතල ලෙස සැළකිවයුතු බවත් ඔහු පෙන්වා දෙයි .

යම් ලෙසකින් මෙවැනි අනපනත් පසුගිය කාල සීමාවේදී පැවැතියේනම් හිටපු සෞඛ්‍ය ඇමතියි කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට විරුද්ධව
තමන් ඇතුළු වෘත්තිය සමිති නායකයින්ට සටන් කිරීමට අවස්ථාවක් නොලැබෙන බවද ඔහු පවසයි .

නව අන පනත්වල පවතින අපැහැදිලිභාවයන් මත අධ්‍යාපන හෝ සෞඛ්‍ය වෘත්තිය ශ්‍රේෂ්ඨවල පවතින ගැටලු සම්බන්ධව කරුණු අනාවරණය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අන්තර් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු බොහෝ වෘත්තීය හා සිවිල් සංවිධාන පවා ත්‍රස්තවාදී ලේබලය යටතට වැටෙනා බව ඔහු වැඩි දුරටත් පවසයි .

ආණ්ඩුව ඉතා පැහැදිලිව දේශපාලන පක්ෂ යාන්ත්‍රන මර්ධනයෙන් එහාට ගොසින් වෘත්තිය සිවිල්ලා ආගමික සංවිධාන මර්දනය කිරීම සඳහා මෙම අණ පනත් යොදා ගත හැකි බැවින් මේ සම්බන්ධව පොදු මහජනතාව දැනුවත් විය යුතු බවද ඔහු සඳහන් කළේය.

තමන්ට මුහුණපාන ගැටළු සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පවා සටහන් තැබීම මේ නව පනත් වලට අනුව ත්‍රස්තවාදියෙකු ලෙස අර්ථ දැක්විය හැකි බැවින් මෙය ඉතා පැහැදිලිව පුද්ගලයින්ගේ මාන අයිතිවාසිකම් උල්ලංඝනය කරන ක්‍රියාවක් බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසයි .

ජාතික වෘත්තී හා සිවිල් පෙරමුණ සෙනසුරාදා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය .